අදහසක් නෑ

නිදාගන්න හිතුවට නිදාගන්න බෑ. හිතන දේවල් වචන වලට දාගන්න තියෙන අමාරුව දන්නේ ඒ හුත්ත කරන්න හදපු ගොන්නු විතරයි. සමහර දේවල් තියෙනවා කියාගන්න බැරි. හරියටම මූඩ් එකක් වගේ. හෙණ ආතල් වුණත් ගොබ්බ වුණත් ඒ වචන වලින් එහාට සමහර මූඩ්ස් තියෙනවා කියාගන්න බැරි එක්ස්පීරියන්ස් එකක්. ඔයත් ඒ වගේ.

ප්ලේලිස්ට් එකේ යනවා එම්ජීකේගේ අයි තින්ක් අයිම් ඕකේ සිංදුව. ඒක මරු. අයි ඩූ තින්ක් අයිම් ඕකේ! කලින් ගියේ යුකීගේ අලුත් සිංදුව. හීනෙන්. නෑ හීනෙන් නෙමෙයි හැබැහින්. ඒ සිංදුවෙ නම හීනෙන්. ඒක වෙනම ලල් එකක්. අම්මේ මාව මෙහේ එක්කං ආවේ ඇයි? කියලා අහන ගමන් අයි තින්ක් අයිම් ඕකේ කියලා කියන්න පුළුවන්. ඒ වගේ තමයි. දෙකටම කැමතියි. හැබැයි දෙක දෙකක්.

චින්තා නං කියන්නේ ඒක ලංකාවෙ දෙබිඩි ජීවිත කියලා. ඇත්තටම ඒක සීන් එකක් තමයි. මං හිතන්නේ ඇත්තටම මෙහේ ඉන්න උංට තියෙන ස්පෙෂල් හැකියාවක් ඕක. මටත් තියෙනවා. මේ කියන එකට ප්‍රතිවිරුද්ධ හුත්තක් තමයි ජීවිතේ අස්සේ තියෙන්නේ. හරියට ගත්තොත් ෆේල් වෙන්නෝන. හැබැයි ෆේල් නෑ. සේෆ් නෙමෙයි ෂේප්. කිසිම ගිල්ට් එකක් නැතුව ඒ දෙක වෙනුවෙන්ම පෙනී හිටින්න පුළුවන්. ඒක එක්කො කැරිම ෆේල් එකක්, නැත්තං මං හිතන් ඉන්න විදිහට කැරිම හැකියාවක්.

අද බිව්ව නිසා මෙහෙම ලියන්න හිතුණ ද? බොද්දි කතා කරපු දේවල් හේතුවක් වෙලා මෙහෙම ලියනවද දන්නේ නෑ. මොනෞත්තක් වුණත් දැං මේ ලියන්නේ බයිලා. හරියටම වාදෙකට සෙට් වෙච්ච එකෙක් ඒ වාදෙන් ගැළවෙන්න පතාර සයිස් බොරු කියනවා වගේ. මේ ලියන්න හදන්නෙත් ඒ වගේ හුත්තක් ද කොහෙ ද. හැබැයි මේ ලියන්නේ බොරු නෙමෙයි.

එහෙම කියන්නේ ලියන මම. ඉතිං කොහොමද මං මාව විශ්වාස කරන්නේ එක හිතකිං. ඔයත් ඒ වගේ.

සොරි මදුරුවො කද්දි සංයමයෙන් ලියන්න බෑ. මදුරුවො කන්නෙත් දැන් ප්ලේ වෙන පෝස්ට් මලෝන් ගේ ගුඩ් බයිස් කියන සිංදුවෙ රිදම් එකට. රිදම් එක අල්ලන්න බැරි, තාලෙකට අප්පුඩියක් ගහගන්න බැරි මිනිස්සු මං දැකලා තියෙනවා. ඉතිං බීට් එකට හරියන්න මදුරුවො කනවා කියන්නේ, මේ වෙද්දි මදුරුවො සමහර මිනිස්සුන්ට වඩා සෑහෙන ඉස්සරහ.

මට කොහොමත් මිනිස්සු පේන්න බෑ. කෙල්ලො නෙමෙයි. මිනිස්සු. ගොඩක් උං හිතන් ඉන්නේ මිනිස්සුත් එක්ක එකට ජීවත් වෙන එක ආතල් කියලා. හැබැයි මේ මං කියන්නේ වෙන එකක්. හෙණ සෙක්ෂුවල් ෆ්‍රස්ට්‍රේෂන් එකක් අත පිටිං දාලා ඉවර කරගෙන මිනිස්සුන්ව පේන්න බෑ කියන්නේ වෙන ලල් එකක් මගේ හිතේ.

ලව් කරපු කෙල්ලො හිටියා අතේ ගාණට. බොක්කෙං ලව් කරා කියලා කළේ ඒකෙනුත් දෙකයි. ඉතිං මං දන්න හුත්ත. මං හිතං ඉන්නේ ආදරේ කරන්න අනිත් එකාගෙ කැමැත්ත ඕනම නෑ කියලා. හැබැයි ඇත්තටම ලව් කරන්න ගියාම ආයෙත් අර පරණ ෆිල්ම් වල පොත් වල තිබ්බ ලව් අස්සේ හිරවෙනවා. ඒ පැත්තෙන් එන ආන්සර් එකක් ගැන හිතනවා. හෙණම ගොං කියලා මටම හිතෙන වෙලාවල් තිබ්බට, තනියම ඉන්න ඕන වෙලාවක මට හිතෙන්නේ මේ මං ඉන්නේ ආතල් ම විදිහකට කියලා.

නෝ වුමන් නෝ ක්‍රයි ලංකාවෙ විදිහට කිව්වොත් ගෑණු නැත්නං අඬන්න හේතුවක් නෑ.

ඔන්න ට්‍රාන්ස්ලේෂන්. මං මේ දෙවනි පාර කියවගෙන යන ගමන් ලියන්නේ. ඕන නං මේක ආයෙත් මං පහළින් ලියන්නම්. එතකොට තේරුණොත් උඹලා මං පට්ට රයිටර් කෙනෙක් කියලා මාව උඩිං තිබ්බොත් හොඳයි ඉතිං. ආයේ කියවගෙන යටට යං.

බත් එක සෑහෙන වෙලාවක ඉඳන් වේලෙනවා. බොන්න එළියට යද්දි අම්මට කිව්වේ මං ඉක්මණට එනවා අම්මා නිදාගන්න කලින් බෙදලා තියන්න කියලා. හැබැයි හැමදාම වගේ ගෙදර එද්දි පරක්කුයි. බත් එක වහලා එළියෙන් තියලා තිබ්බේ. දැං ඒක ඇරලා හෙළුවෙන් මගේ කී බෝඩ් එක ගාව ඉඳන් හිනාවෙනවා. පිළුණු වෙනවා. ඔයත් ඒ වගේ. පොඩ්ඩක් හිටහං සිංදුව මාරු කරලා එන්නං.

මං මේ ඔහේ ලියාගෙන යනවා. සමහර විට මේක පබ්ලිෂ් කරන්නත් ඉඩ තියෙනවා. පබ්ලිෂ් වුණොත්- නෑ- පබ්ලිෂ් කළොත් හොඳයි. මට හිතෙන සමහර දේවල් මං කරන්නෑ. කරන්න හිත දෙන්නෑ. හිතට ඕන විදිහට තමයි මං වැඩකරන්නේ. ඔව්. මං එහෙම තමයි හිතං ඉන්නේ.

කවුද දන්නේ හිතං ඉන්න දේවල් වැරදි වෙන්නත් පුළුවන්.

මොළේ හුකහං!

මට වැඩක් නෑ හුත්ත. කොහොම හරි දැං මං කන්න ඕන. මොකද දවල්ට කෑවෙ කෝක් දෙකයි සිගරට් හයයි. ඊට පස්සේ මික්ස්චර් පැකට් එකකින් ජූංජක් කෑවා. ගලට බයිට් ඕන වුණේම නෑ. සිගරට් පැකට් එකක් ඉවරයි. වැඩියෙං ගැහුවේ මං ලු. ලොවෙත් මීටර් නෑ ඕයි. මේ කැරි මදුරුවොත් එක්ක බෑ හුත්ත. කනවා කියලා සීමාවක් තියෙන්නත් ඕන. සුදු පාට ස්ක්‍රීන් එක උඩිං කළු පාටට පියඹං යද්දි අල්ලන්න හිතුණට අත දාද්දිම උං මාරු.

ඔයත් ඒ වගේ!

දැං ආයේ මේක උඩ ඉඳං කියවගෙන එන්න ඕන.

දැං මේ කියවගෙන ඇවිල්ලා ආයේ පටන් ගත්තා ලියන්න. උඩ මං දෙවනි පාර කියවද්දි ඇඩ් කරපු එක කියෙව්ව උංට නිකං ප්‍රෙඩික්ෂන් එකක් වගේ ඒක තේරෙන්න ඕන. එහෙම හිතද්දි කැරි ලල් ඕයි. නොතේරුණත් මට පුක ද? මොකද මේක ලියන්නේ උංට යෑ. මට නේ. මේ කියවන්නේ පස්වෙනි පාර විතර. මටවත් තේරෙන්නෑ ලොල්, ඔයත් ඒ වගේ.

මගේ කාමරේට එහා පැත්තේ කාමරේ ඉන්නේ මල්ලි. ඌ අද කොහෙ හරි වැඩකට ගිහිං. තාම නෑ. එක්කො සිකුරාදා නිසා ඌ කාත් එක්ක හරි සෙට් වෙලා ඇති. මගේ ආතල් එක කියන්නේ එළියේ සූ ගා වැස්ස. බංකර් කරපු සිගරට් එකක් තියෙනවා. ඒක ගහන්න පුළුවං. මල්ලි ඉන්න දවසක නං ඌ නිදාගන්නකං ඉන්නෝන. ඌට ගඳ අවුල්. නෑ ඌත් ගහනවා. බොන වෙලාවට විතරයි හැබැයි.

උගේ කාමරේට ගඳ එන එක මට තේරෙනවා. ඒක අවුල් ඇති. හැබැයි දැං ඌ නෑ නේ. වෙනදට ඌ නිදාගත්තම ෆෑන් එකත් දාගෙන දුම එළියට යන්න හදලා ගහනවා වෙනුවට අද ෆෑන් හුකහං කියලා දුං පුරෝගෙන ගහන්න පුළුවන්. දඩ බඩ ගාලා මොකක් හරි සීරීස් එකක් බලන ගමන් කෑම එක කාලා, දුමක් රස විඳින්න ඕන. එතකොට දුමට මදුරුවොත් යයි. දිගටම ඔයත් ඒ වගේ කිව්වේ මං ඔයා දැකපු විදිහත් එක්ක. එක්කො සමහර විට මෙහෙමත් වෙන්නැති.

ඔයා ඒ වගේ නෙමෙයි වෙන්නැති.

මං යනවා.

© 2019 Pamuditha Zen Anjana

Advertisements

නාසිසිස්ටික් මංජු

එදා හඳ පායලා තිබුණා වුණාට තිත්ත කළුවර රැයක්. ලෝකේ සෑහෙන පැති වලට ඉර පායලා, රෑ එළියේ පණිවිඩකාරයා විදිහට සළකන හඳ ලව්වා සමහර පැතිවලට ආලෝකය බෙදමින් තිබ්බට, මේ කුඩා ගම්මානයට එළියක් වැටුණෙම නෑ.

එළිය ලෝකෙන් බේරිලා, තඩි කන්දකට වැහිලා තියෙන මේ පොඩි ගමට ඉර එළියක් වැටෙනවනම් ඒ ටික වෙලාවකට වෙනකම් විතරයි. ඉතිං මේ ගමට උදේ වෙලාව පැය දෙකයි, දවල් වෙලාව පැය තුනයි. එතකොට රෑ කියන්නේ පැය හැටහතරයි, දවසකට ඔක්කෝම පැය හැට නවයයි. එච්චර වෙලාවකට එළිය නැති වෙන්නේ තඩි කඳු වලින් ඉර ගිලින නිසා කියලයි පොඩි කාලේ ඉඳම්ම නාකි උං පවා දැනං හිටියේ. ඉතිං නාකි උං පොඩි උංට ඒක එහෙම්මම කියලා දීලා පොඩි උං නාකි වුණාම උංගෙ පොඩි උංටත් එහෙම්මමයි කියලා දුන්නේ. දැං මේ ඉන්නේ එහෙම ඉගෙනගෙන හැදිච්ච විසිහතර වෙනි පරම්පරාව ලු. ඒක දන්නෙත් ඉතිං නාකි උංගෙත් නාකි උං විතරයි. අනිත් උංට ඒක එච්චර ගාණක් නෑ. මොකද දැං හැදෙන උං කළුවරට පුරුදු වෙලා හිටියේ. සමහරුන්ට රෑට තමයි හොඳටම පේන්නේ. දවල්ට පේන්නේ නැල්ලු. කොහොමත් කටිං කට ආපු ඉතිහාසෙං කාටත් වැඩක් වුණේ නෑ.

මංජු, ලේසියට කියන්නේ මං කියලා, කැළෑවට ඇවිදගෙන ගි‍යේ හැමදාම රෑට ගම මැද්දේ පොදු ඉඩමේ පත්තු කරන තඩි ගිණිමැළේට පොවන්න කරක් පුරවලා දර හොයං එන්න. ඒත් මං ආයේ ආවේ නෑ.

මුළු ගමේම මිනිස්සු කලබල වෙලා හිටියේ මං ආපහු ආවේ නැති එකට. හැමෝම ‘මං කෝ?’, ‘මං තාම නෑ!’, කිය කිය තැන තැන කසු කුසු ගගා රහසින් කතා වෙවී හිටියට කටක් ඇරලා සද්දෙට පඩයක් වුණත් යවන්න හැමෝම බය වුණා. ඒ බය අහේතුක නෑ, සහේතුකයි. ගමේ උං බය වෙලා හිටියේ, රෑට රෑට කැළේට උඩින් ලෝකෙම බර දරාගෙන හිටපු මහා කන්දකින් රූටලා, කැළේ කඩාගෙන, සත්තු මරාගෙන, ගමට ඇවිත්, ගමේ බවලත් උංට හුකන්න එන පරාස්සයා නිසා. අල්පෙනෙත්තක් හරි වැටෙනවා වගේ පොඩි සද්දයක් ඇහුණත් ඒක ඔස්සේ එළවං එන පරාස්සයා මේ ගමම හුකලා හුකලා කළුවර කළා කිව්වොත් ඒක හරි. සමහරු නං කිව්වේ මේ ගමේ මුල්ම උං හැදුණෙත් පළවෙනි බවලතාට හුකපු පරාස්සයට දාව කියලා. තර්ක විතර්ක මැද්දෙං ඒකේ ඇත්ත නැත්ත හොයන හැම එකාම නවතින්නේ මුලිං ආවේ ගෑණිද පරාස්සයද කියන ප්‍රශ්නෙට උත්තරේ හොයාගන්න බැරුව.

කොච්චර ගමේ උං බයේ හැංගිලා හිටියත් මං බය නෑ. ඒකනේ කැළේට ගියේ දර හොයන්න. අනික මං කියන්නෙ කවදත් තනියම හිටපු එකෙක්. ඌට අම්මෙක් අප්පෙක්, නැන්දෙක් මාමෙක්, ආච්චියෙක් සීයෙක්, නංගියෙක් මල්ලියෙක්, අක්කෙක් අයියෙක්, තියා ලව් කරන්න කෙල්ලෙක් කොල්ලෙක් හරි හුරතල් කරන්න කියලා ළඟ දැවටිච්ච බල්ලෙක් පූසෙක් වත් හිටියේ නෑ. ඉතිං ඌට පරාස්සයගෙං ආරස්සා කරන්න කියලා තමන්ගෙම කවුරුත් හිටියේ නෑ. ගමේම උං මංව දන්නවා වුණාට මං ගමේ උංව උකුණු පුකක් තරම්වත් ගණන් ගත්තේ නෑ. ගමේ උං හැබැයි මංව ඉහටත් උඩින් පිළිගත්තා. මොකද කොච්චර ගණන් නොගත්තත් ගමේ මොකක් හරි වැදගත් කියලා සළකන වැඩකට පක්කලියෙක් වගේ පුක දීගෙන වැඩ කරන ගොං පුරුද්දක් මංට තිබ්බා. මං ආස එහෙම වැඩ කරන්න. ලබ්බක වත් වාසියක් නොබලා ගොබ්බ විදිහට කරන පක්කලි සේවාව නිසාමද කොහෙද ගමේ උං හැමෝම මං කරන හැම වැඩක් ගැනම වගේ ළාවට හරි ඇහැ ගහගෙන හිටියේ.

ඉතිං මං දර හොයන්න මහ ගිණි මද්දහනේ කැළේට ගියා කිව්වම ගමේ උං මං එනකං පෙරමං බලාගෙන හිටියේ. අනිත් එක මං කැළේට යනවා කිව්වයෙන් පස්සේ ආයේ ගමේ උං කැළේ රිංගන්න යන්නේ නෑ. මොකද මං කියන්නේ අනිවාර්යයෙන්ම වැඩක් කළොත්, කරන වැඩේ තිතට ඉවර කරන එකෙක් නිසා. කොහොමිං කොහොම හරි ඇත්ත ප්‍රශ්නෙ ඇවිල්ලා මං ආපහු ආපු නැති එක නෙමෙයි. ගිණිමැළේ තාම සූදානම් නැති එක! තව පැය බාගෙකින් වගේ කළුවර වැටෙන්න කලින් ගිණිමැළේ හදාගන්න ඕන වුණාට දර ඉහළින් පහළ වෙන්නේ නෑ නේ. ගිණිමැළේ නැතිවුණොත් පරාස්සයා අනිවාර්යයෙන්ම ගං වදිනවා. ඉතිං ඔහොම කසු කුසු ගගා හිටපු උං ඒකට පිළියමක් වශයෙන් ගමේම බවලත් උදවියව ගමේ තිබ්බ ආරක්ෂිතම ගෙදර හෙවත් ගමේ නායිකාව ජීවත් වෙන ගල් වලව්වට පිටමං කරලා ඇරියා. ගල් වලව්වේ හිටියේ ගම පාලනය කරපු, ගමේ ප්‍රශ්නවලට ඉස්සර උත්තර හොයලා දීපු, ගල් ආරච්චිලා හාමිනේ. උන්දැට ගල් ආරච්චිලා හාමිනේ කියන නම වැටුණේ එක පාරක් උන්දැට හුකන්න ආපු පරාස්සයෙක්ව ගල් දෙකෙන් තද කරලා අල්ලලා හුස්ම හිර කරලා මැරුවට පස්සේ කියලා තමයි දන්න කවුරුත් කියන්නේ. දැං උන්දැ නාකියි. ගල් දෙකේ එච්චර හයියක් නැල්ලු. අනිත් එක දැං හැදෙන උං ඕක කටකතාවක් කියලා අවඥාවෙන් බැහැර කරනවා. මොකද කටිං කට එන ඉතිහාසෙං කාටවත් වැඩක් නෑ නේ. ඉතිං ආයේ ඒ ගල් ආරච්චිලා හාමිනේගේ තැන ගන්න තාම ඒ තරම් බලවත් බවලතෙක් නෑ.

කොහොමහරි කැළේට ගිය මංට මොකද වුණේ කියලා හොයාගන්න නම් මේ උලව්ව කියවන උඹලටයි මේක ලියන මටයි වෙනවා ගමේ උං එක්ක කසු කුසු ගාන එක, පරණ ඕපදූප හොයන එක නවත්තලා, මං එක්ක ආපහු මුල ඉඳන් ඇවිදගෙන යන්න.

ඇත්තටම කිව්වොත්, මද්දහන් කළුවරේ දර කඩන්න කැළේ රිංගලා ඇවිදගෙන ඇවිදගෙන ඇවිදගෙන කවදාවත් කවුරුවත් නොගියපු පැත්තකට ගිය මංට හම්බුණා අමුතුම අඩි පාරක්. නිකං අලි හැත්තෑවක් විතර කකුළුවො වගේ පැත්තෙන් පැත්තට එක පේළියට හැමදාම එහා මෙහා ඇවිද්දම හැදෙන ජාතියේ පතාර සයිස් අඩිපාරක්. ඒ අඩිපාර දිගේ අඩි හැත්තපන්දාහක් විතර වියදම් කරගෙන; මහා රූස්ස ගස්, පොඩි බූස්ස පඳුරු. කෙට්ටු මාර ගස්, පුස් වැල්, පඩ වැල්, මල් ගස්, පොල් ගස්, දෙල් ගස්, කොස් ගස්, නම් දන්නේ නැති ගස්, පළතුරු ගස්, එළවළු පැළ, බෙහෙත් පැළ, මැරිච්ච ගස්, හෙණගහපු ගස්, මේ අඹ ගස්, මේ අඹ ගස් හැර වෙන අඹ ගස්, ගස් වගේ පේන පැළ, පැළ වගේ පේන පොඩි පොඩි ගස්, කියන්න බැරි ජාතියේ ගස්, නිකම්ම නිකන් ගස් වගේ ගස් බරපතල ගාණක් පහු කරගෙන කැළේ ඇතුළට ඇතුළට ඇවිදගෙන ගිය මංට හම්බුණා කැළේ ඉවර වෙලා තිබ්බ තඩි තැනිතලාවක් කෙළවර වෙච්ච කන්දක කොණක්.

ඒ කන්ද පට්ට උසයි. කොච්චර උසද කියනවනම් මුදුනක් කියලා එකක් පේන්නවත් නෑ. පට්ට කළුවරයි. ආපහු මිසක් ඉස්සරහට යන එන මං නැති නිසා වටපිට බලපු මං දැක්කා ඒ කඳු පාමුල සෑහෙන ඈතකින් කැළේ පටන් ගන්න පැත්තකට වෙන්න කළු එළියක් එනවා. මං කන්දෙ ගැට්ට දිගේ ඒ පැත්තට ගියා. එන්න එන්න එළිය වැඩි වෙනවා. අම්මටහුඩු! මෙන්න ආයේ කැළේ පටන් ගන්න ගස් දෙක තුනක් මැද්දෙන් කළු එළියෙන් දිස්නේ ගහන මේන් මෙතක් විතර පොඩි විවරයකින් ඇතුළට යන්න පුළුවන් ගුහාවක්. අර විවරයෙන් එළියට එන අම්මටසිරි වෙන කළු එළිය දැකපු මං, මීට කලිං කවදාකවමත් නොදැකපු ඒ එළිය හරියටම එන්නෙ කොහෙන්ද මොකෙන්ද කියලා දැනගන්නයි ඇස් දෙකටම බලාගන්නයි කැසිල්ලක් ආපු නිසා, හාවෙක් වගේ ඒ පොඩි විවරයෙන් දඟලලා කරලා ගේම දීලා ඇතුළට රිංගුවා.

විවරෙ පොඩි වුණාට ගුහාව තරමක් ලොකුයි. දිගට දිගට ඇතුළට යන්න පුළුවන් පාටක් තිබ්බේ. ගුහාව අනිවාර්යයෙන්ම කෙළවර වෙන්නේ එළියෙන් කියලා දැනගත්තු මං දිගටම ගුහාව දිගේ ඇතුළට ගියා. සමහර තැන් වලදි ගුහාව වකුටු වෙළා පොළවෙ හැංගෙන්න හදනවා. ඒ තැන් වලදි මං බඩගාගෙන පොළොවෙ පස් කාගෙන ඇතුළට රිංගං ගියා. සමහර තැන් වලදි පොළව පේන්න බැරි වෙච්ච ගුහාව ‘ඊයියා!’ කියන්නා වගේ පොළවෙන් සෑහෙන ඈතට උඩට ගිහින් තිබ්බා. ඒ කියන්නේ අහස තරම් උඩට ගිහින්. පට්ට උසක්. ඒ විසල් තැන්වලදි මං වටපිට උඩබිම බල බල වැඩිය සද්ද බද්ද නොකර ඉස්සරහට ගියේ මොකද, ඒ තඩාර තැන් වල, ගුහාවෙ වහළේ යට, ඒ කිව්වේ උඩ යට පැත්තේ, ගුලි ගුලි වගේ එල්ලිලා නිදියං හිටියේ, පවුල් දෙකක් විතර ඉන්න පුළුවන් ගෙවල් තරම් ලොකු මහවවුල්ලු. මංගෙ අඩිසද්දෙටද කොහෙද ඇහැරිච්ච සමහර මහවවුල්ලු, එක ඇහැක් ඇරලා මං ඇවිදං යන හැටි බලලා, ගේම ඉල්ලන්න කම්මැලි නිසාද කොහෙද ආයේ ඒ ඇහැත් වහගෙන එල්ලිලා නිදාගත්තා. කොහොමත් මං කාටවත් බය නෑ නේ. ඒකනේ මෙච්චර දුරක් ආවේ. මං සද්ද නොකර ගියෙත් වවුල්ලු පව් උං ඇහැරෙනවා කියලා දන්න නිසා.

දැං මං හිතන්නේ මං පැයක් දෙකක් යනකම් ඔහේ ඉස්සරහට ඇවිදං ඇවිල්ලා ඇති. එන්න එන්නම අර කළු එළිය වැඩි වෙන්න ගත්තා. කොහොමහරි එළිය හොයාගන්න තිබ්බ කැසිල්ල නිසා ගිණිමැළේට දර නැති වෙලා ගමේ උංට හෙණගහලා ගියත් කමක් නෑ, කොච්චර වෙලා ගියත් ඉස්සරහටම යනවමයි කියලා මං හිතාගත්තා. ගුහාව එක පාරට පැත්තට හැරිලා ඉස්සරහට යන්න ගත්තා. එහෙම ගියාම, ආයේ ආපස්සට හැරිලා, ආයේ අනිත් පැත්තට හැරිලා, හරියටම සිංහල හෝඩියේ ‘ය’ අකුරක් වගේ හැඩේට එක තැන කැරකෙනවා. පට්ට ආතල්. එළියත් පට්ට සැර වේගන එනවා. පට්ට රස්නෙයි.

මං හිතුවා මං හිතන හැටි මට තේරෙයි කියලා. හැබැයි මං හිතන්නේ මට ඕන විදිහට නෙමෙයි. මංට ඕන විදිහට. රස්නේ නිසා සාමාන්‍යයෙන් මං ඉස්සරහට නොගියට මං ඉස්සරහට ගියා. පටළවගන්න එපා.

‘ය’ යන්නේ තොප්පිය වගේ කෑල්ලෙන් හැරුණ ගමන් ඇස් නිලංකාර වෙන කළු එළිය මංව තෙමලා කරකවලා අතෑරියා. මං අතකින් ඇස් ළාවට වහගෙන කළු බෝල දෙක පුංචි කරගෙන ඇස් දෙක හීනි කරගෙන එළිය එන තැන බැලුවා. අඩි විසිදෙකක් විතර උස තඩි කළු මැණිකක්! මං ඇස් එහෙම්ම තියාගෙන ඒක වටේ ඇවිද්දා. වටප්‍රමාණය හරියටම අඩි හාරදාස් පන්සිය විසි පහයි. අඩි මැන මැන ගණන් හද හද ගියාට වටපිටත් හොඳ අවධානෙකින් බලාගෙන ගියපු මං දැක්කා තව ඉස්සරහට ගුහාව ඇදෙනවා. ඒ කියන්නේ ආපු ‘ය’ තොප්පියෙන් පටන් ගත්ත දොර නෙමෙයි වෙනමම අලුත් දොරක් තව පැත්තකින් තියෙනවා.

මේ ත්‍රාඩ මැණික උස්සං යන්න තියා කෑල්ලක් ගලවගන්න වත් බැරි තරම් ඝණයි ලොකුයි බරසාරයි නිසාත් මෙච්චර දුරක් ඇවිත් ආයේ හැරිලා යන එක හද්ද ගොං වැඩක් නිසාත් මං තීරණය කළා අනිත් දොරෙනුත් ගිහින් බලන්න. මොකෝ මං බය එකෙක් යැ. අනික මංට නැති වෙන්න කියලා උලව්වක් තියෙනවයි කියල යැ. මං දෙපාරක් හිත හිත හිටියේ නෑ. එක පාරම හිතුවා, අනිත් දොරෙං රිංගුවා.

දැං කළු එළිය එන්නේ පස්සෙං නිසා ඇස් දෙක පොඩ්ඩක් හුරු කරගන්න නැවතිලා ඇස් පියාගෙන අම්මව මතක් කරපු මං ඉස්සරහට අඩි මාරු කරන්න ගත්තා. ගුහාව ආයෙත් කැරකෙනවා කියහංකො. ඒ පාර ඒක කැරකෙන්නේ සිංහල හෝඩියේ ‘හ’ යන්න වගේ. නයා අට ගැහුවා වගේ කැරකිලා ආයෙමත් මං ආවේ ඉස්සෙල්ලා පාර අර මහවවුල්ලු හිටියා වගේ ගුහා කෑල්ලකට. ඒකෙනං වවුල්ලු තියා කණාමැදිරියෙක්වත් නෑ ආසාවට. මං ඉස්සරහට ගියා. ආයෙමත් ගුහාව වකුටුවෙලා බිම බඩගෑවා. මංත් බිම බඩගාලා එතනිං එළියට ආවා. මෙන්න යකෝ ඉස්සරහ තඩි බිත්තියක්. ඒ බිත්තියේ පැළ්මක්. පැළ්මෙන් එළිය කළුවරයි. මං කරපු වැඩේ, ‘අයියණ්ඩිය බිය නොවන්න පැළ්මේ තරම මං බලන්නං!’ කියලා බය නැතුව පැළ්මට ඇඟිල්ලක් දාලා බැලුවා. පැළ්මෙන් එළිය පොඩ්ඩක් රස්නෙයි තෙතයි. මං බය නැතුව අතම රිංගවලා බැලුවා. ගුහා බිත්තිය හිතුව තරං ඝණ නෑ කියහංකො. පොඩි ගේමක් දුන්නොත් අනිත් අතත් දාගන්න පුළුවං පාටයි. මං අත් දෙකම දාලා පැළ්ම පළල් කරන්න උත්සාහ කරා. මෙන්න බොලේ බිත්තිය පොඩ්ඩක් ඈත් වුණා දෙපැත්තට. පැළ්ම ලොකු වෙලා විවරයක් වුණා.

මං දාන්න පෙර සිතා නොබලා ඔළුවම දැම්මා. එළිය පට්ටම එළියයි කියහංකො. මංගෙ ඇස් නිලංකාර වෙලා ගියා. හරියටම තත්පර විසිදෙකහමාරක් තත්පරේකට ඇහිපිල්ලම් දෙසියවිසිදෙකේ වේගෙකින් ඇහි පිල්ලම් ගහගෙන ගහගෙන ගියාම මංගෙ ඇස් දෙක ඒ එළියට හුරු වුණා. එළියෙ තිබ්බ දේවල් දැක්ක ගමන් මංට උන් හිටිතැන් අමතක වුණා. කවදාවත් බයක් කියලා දෙයක් ගෑවිලාවත් නොතිබ්බ මංගෙ ඇස් දෙකේ බය සෑහෙන්න ගෑවුණා. මං බැලුවේ ආයේ කොහොමහරි ආපස්සට හැරෙන්න. ඒත් ඒ වෙද්දි පරක්කු වැඩියි.

මං ඉස්සරහ හිටං හෙණ උවමනාවකින් මං දිහා බලං හිටපු පරාස්සයො කල්ලියෙන් ප්‍රධාන පෙනුමක් ගත්ත පරාස්සයා මංගෙ බෙල්ලෙන්ම අල්ලලා අර පැළ්මෙන් මංව එළියට ඇද්දා. එළියට ඇදලා අරගත්තු පරාස්සයා මං දිහා කන්න වගේ බැලුවා. පරාස්සයො ප්‍රසිද්ධ හුකන්න මිසක් කන්න නෙමෙයි කියලා දන්න නිසා මං තක්බීර් බැල්මක් දාගෙන මේ වෙන්න යන උලව්ව මොකද්ද කියලා කල්පනා කරන්න උත්සාහ කරා. තව පොඩ්ඩක් වෙලා මං දිහා බලං හිටපු පරාස්සයා මංගෙ පුකට “චටාස්” ගාලා පාරක් දුන්නම, කවදාවත් නැතුව මංට ඇඬුණා.

කඳුළු අතරින් තමංව වට කරං හිටපු පරාස්සයො දිහා බලපු මංට කවදාවත් නැතුව ගමේ උංව මතක් වෙන්න ගත්තා. පරාස්සයො වියරු වැටිච්ච කොටි වගේ දත් විලිස්සං හිනාවෙන්න ගත්තා. මං තවතවත් බය වෙන්න ගත්තා. බය වැඩිවෙන්න වැඩිවෙන්න ඇඬිල්ලත් වැඩි වුණා. ඇඬිල්ල වැඩි වෙන්න වැඩි වෙන්න පරාස්සයො හිනා වෙන තරමත් ඇඬිල්ලට අනුලෝමව සමානුපාතික ලෙස වැඩි වුණා. එක පරාස්සයෙක් මංව අරගෙන වතුර ගහලා හෝදලා රෙද්දක ඔතලා කරේ තියාගෙන මරං කන්නද කොහෙද ගෙනිච්චා. මං දන්නෑ කන්න ද හුකන්න ද කියලා. මං හිතන්නේ මං හිතං ඉන්නේ උං කන්න ගෙනියනවා කියලා තමයි. පව් මං.

ආ මංගෙ ගමේ උං තාමත් මං දරත් අරං ආපහු එනකං පෙරමං බලාගෙන ඉන්නවා. අනිත් උං මේ කියෙව්වේ මොන උලව්වක්ද කියලා කල්පනා කරනවා. මං ගැන උං දන්නවනං නේ?

© 2019 Pamuditha Zen Anjana

සිගරට් දෙකයි විනාඩි හතළිස්පහයි.

~ සිගරට් දෙකයි විනාඩි හතළිස්පහයි. ~
 
කෝප්පයක් මට කතා කළා- නෑ මට වැරදුණා. මං හිතන්නේ මට කතා කළේ පරණ වහලේ, දිරච්ච පරාලයක් උඩින්- නෑ යට පැත්තෙන්, ඔළුවෙන් හිටගෙන- එහෙමත් නෙමෙයි නේ, ඌ ගියේ පරාලේ යට පැත්තෙන් බඩ ගාගෙන- ආ ඔව් එතකොට කියන්න වෙන්නේ ඔළුවෙන් හිටගෙන කියලා තමයි. ද? අනේ මන්දා. කොහොම හරි අද උදේ මං හිටියේ කෝපි එකක් බිබී. හදිස්සියෙම අවුට් ඔෆ් නෝවෙයා මෙන්න කවුද කතා කරන සද්දයක් ආවම මට බිබී හිටපු කෝපි එක ඉස්මොල්ලෙ ගියා. අමාරුවෙන් නහය උඩට ඇද ඇද කැහැ කැහැ මං කෝප්පෙ කරකවලත් බැලුවා. මොකද මට සද්දෙ ඇහුණේ හරියටම කෝපි දාලා තිබ්බ කෝප්පෙ- සොරි- ඒක කෝප්පයක් නෙමෙයි. මට සෑහෙන්න පැටලෙනවා. මග් එක. මග් එක. මේක හරියන්නෑ.
 
මම උදේ කෝපි බිබී හිටියා. මට කවුරුහරි කතා කරන සද්දයක් ඇහුණා. ඒ ඇහුණෙ අතේ තිබ්බ මග් එකෙන් කියලා තමයි මං හිතුවෙ. ඒ නිසා බිබී හිටපු කෝපි එකත් ඉස්මොල්ලෙ ගියා. මං පපුවත් එක අතකින් අල්ලගෙන මග් එක හරව හරව ඒ පැත්ත මේ පැත්ත බලද්දි මෙන්න යකෝ ආයෙම අර කට හඬ.
 
ආ මට ඒ කට හඬ කියපු දේ කියන්න අමතක වුණානේ. ෂික්. ආයෙම පටන් ගන්න බෑ.
 
“අඩෝ!”
 
“අඩෝ! තෝ මොනාද ඔය බොන්නෙ?”
 
එතකොට තමයි මං උඩ බැලුවෙ නිකමට වගේ. ටහුකන්ඩ දාලා මෙන්න යකෝ පතාර කිඹුල් හූනෙක්- උගෙ සයිස්සෙකේ හැටියට නම් මට පෙනුණේ ඌ කිඹුලෙක් වගේමයි- ඌ කිඹුලෙක් ද? හරියට මතක නෑ. කිඹුල් හූනෙක් වෙන්න ඕන. ඕක තාත්තා අසූඅටේ හදපු පරණ වහලයක්. වහලෙටත් මගේ වයස. පරාලේ දිරලා තියෙන්නේ අවුරුදු ගාණම අර පතරංග ෂීට් ටිකයි, රස්නෙයි, ෂීට්වල හිල් වලින් වැක්කෙරෙන වතුරයි, පරාලෙ උඩින් යටින් බඩගාගෙන, රිංගගෙන, ඒක කොළඹ ගාල්ල හයිවේ- නෑ එක්ස්ප්රස්වේ එක කියලා හිතාගෙන අධිවේගයෙන් ඒ මේ අත ඉගිල්ලෙන මී, ගැරඬි, කැරපොතු, කුහුඹු, පත්තෑ, මකුළු, හූනු පරාණ දරාගෙන ඉඳලා ඉඳලා පරාලෙට දැන් මහන්සි ඇති. ඒ කියන්නේ පරාලේ දිරලා. ඒ පරාලේ කිඹුලෙක්ට බඩගාන්න බෑ. යට පැත්තෙන් කොහොමත් බඩ ගාන්න බෑ. ඌ හූනෙක්ම තමා.
 
කිඹුල් හූනෙක්. ඌ බෙල්ල මෙහෙක් කරලා- ඒ කිව්වේ ඔළුව මගේ පැත්තට හරවලා නිසා උඩුකුරුඥ්ඥං- නෑ නේ උඩුකුරුඥ්ඥං කියන්නේ මැරිලනෙ- උඩුකුරුඥ්ඥං නෙමෙයි, ඔළුව මගේ පැත්තට හරවලා නිසා බෙල්ල රිවට් වෙලා. ඌ එහෙම මගෙ දිහා බලාගෙන ඉන්නවා.
 
මං තක්බීර් වෙලානෙ හිටියේ.
 
මාත් ඔහේ ටිකක් වෙලා බලං හිටියා- නෑ ඔහේ නෙමෙයි හිටියේ. මං හිටියේ මේ මොන හුත්තක් වෙනවද කියලා තීරණය කරගන්න බැරුව.
 
“අඩෝ! තොගෙ කණ ඇහෙන්නැද්ද මීහරකෝ?”
 
ටහිකෙයි කිව්වලු. යකෝ මේං හූනා කතා කරනවා. කතා කරනවා විතරක් නෙමෙයි, මූ මං දිහා කන්න වගේ- නෑ කිංඩියට වගේ බලං ඉන්නවා. මං කෙළ තළියක් ගිල්ලා- නෑ කෙළ ගිලින්න හැදුවා, උගුර කට වේලිලා. බයටම නෙමෙයි. කෝපිනෙ බිබී හිටියේ. ආ සිගරට්ටෙකකුත් ගගහා හිටියේ.
 
“බීරි ද ආ?”
 
මං අමාරුවෙන් කට ඇරලා ඔළුවෙන් වචන ගැට ගැහුවා.
 
“නෑ. හූනොන්ට කතා කරන්න පුළුවන්නම් මට කං ඇහෙන්නැතිවෙන්න හේතුවක් නෑනේ”
 
මං බය වෙලා නෙමෙයි ඉඳලා තියෙන්නෙ. සත්තු කතා කරන එක මට පුරුදුයි. මං සත්තුංට කතා කරන රහස දන්නවා. ඒක මහලොකු රහසක් නෙමෙයි. ඕන්නං ඕගොල්ලන්ටත් කියලා දෙන්නං.
 
පුළුවන්නම් මේ අකුරු පොඩියට එන්නෝන. හරියටම රහසක් කොඳුරන සද්දෙට ගැළපෙන්න. තේරෙනවා නේ ද?
 

“මේක කාටවත් කියන්න එපා. මාත් පොඩි කාලේ පෙට්ටියක හිටපු දොස්තර කෙනෙක්ගෙන් ඉගෙනගත්තෙ. සත්තුන්ට කතා කරන රහස තමයි, අපි හදිසි නොවී ඉන්න එක. ඒ කිව්වෙ සතා කතා කරනකං සහ සතා තව පාරකුත් කතා කරනකං ඉඳලා, පුළුවන්නම් තවත් පාරකුත් කතා කරනකං ඉඳලා තමයි සත්තුන්ට කතා කරන්න ඕන. සත්තු කතා කරන්නේ සෑහෙන කලාතුරකින්ලු. සමහරුන්ට ජීවිතේට සතෙක් කතා කරනවා ඇහෙන්නෑ. උං පව්. සත්තු නෙමෙයි. සත්තු කතා කරනේවා ඇහෙන්නැති උං. උං ඔහේ මැරිලා යනවා. නිකම්ම නිකං හිස් ජීවිත.”

 
ආ දැං අකුරු ලොකුවට. ලොකුවට කිව්වේ සාමාන්ය ගාණට. උඩ ටික අසාමාන්ය ලෙස පොඩි කරන්න.
 
ඉතිං සත්තුන්ට කතා කරන රහස දන්න මම මොකටද බය වෙන්නේ. ඒකත් මේ පොඩි හූනෙක් කතා කරන එකට.
 
“උඹේ කට වැඩියි කියලා මං දන්නවා!” ඒ හූනා. ඒ හූනා කිව්වම මතක් වුණේ පොඩි කාලේ බලපු ෂාරුක් ඛාන් ඉන්න ෆිල්ම්මෙකක්. ඒකේ නම මේ හූනා. නෑ නෑ මේ හූනා නෙමෙයි, ඒක ලියන්නේ මේන් හූන් නා කියලා. නිකං හරියට සුද්දෙක් මේ හූනා කියලා අමාරුවෙන් ගැටගහනවා වගේ. ඒක කොහොමත් හූනෙක් ගැන ෆිල්ම්මෙකක් නෙමෙයි. ඒක වැඩක් නෑ.
 
ඒ කතා කළේ හූනා.
 
“උඹ කොහොමද ඒක දන්නේ? මාව ස්ටෝක් කරනව ද?” මං.
 
“නෑ, මට දාවිත් කියලා තියෙනවා උඹ ගැන ඇති වෙන්න”
 
දාවිත් කිව්වේ මගේ කැරපොත්තා. ගිනි පෙට්ටියක ජීවත් වෙන සුදුපාට කැරපොත්තා. කලින් කියපුවා දැකලා තියෙන උං දන්නවා දාවිත්ව මට මුණගැහුණු විදිහ පවා.
 
“පොඩි අමාරුව” කතාවක් කියන්න. වටේ යන එකෙත් සීමාවක් තියාගන්න ඕන.
 
උදෘත පාඨ යටතේ දැම්මම සාකැස්ම් පොඩ්ඩක් දුරට ප්රින්ට් කරගන්න පුළුවන් ලු.
 
“මචං දැං උඹ මේක ප්රින්ට් කරන්නද යන්නේ එතකොට?”
 
මං කොළෙන් එළියට ආවා- නෑ මං ලිය ලිය හිටියේ මගේ පීසී එකේ. පීසී කිව්වේ පොලිටිකලි කරක්ට්නස් නෙමෙයි. පර්සනල් කම්පියුටර්. පුද්ගලික පරිගණකය ටෞඛණ්ඩ.
 
මං හිටියේ කතාවක් කියන ගමන් කීබෝඩ් එකෙන් වචන අමුණමින්. ඒ අන්තිමට කතා කළේ මගෙත් එක්ක කාමරේ එකට ඉන්න වෙන එකෙක්. ඌගෙ නම මට මතක නෑ. මතක නෑ නෙමෙයි නම හරියටම දන්නෑ.
 
“ඈ බං?” ඌ ආයෙමත් අහනවා.
 
“නෑ බං. ප්රින්ට් කරන්න හිතාගෙනම නෙමෙයි. මං මේ දවස්වල ඉන්නේ දෙගෙඩියාවක. පොතක් ගහන්න හෙණ කාලෙක ඉඳන් ආසාවක් තියෙනවා. ඒත් මට ඒ ඩිසිප්ලින් එක නෑ බං. ඕනාවට වඩා වෙන වෙන දේවල් කරනවා. රයිටර් තමයි. ඕතර් නෙමෙයි. පාට් ටයිම් රයිටර්. ෆුල් ටයිම් ආටිස්ට්!” මං නිකං කියාගෙන ගියා.
 
“ලියපං හුත්තො. උඹට ලිව්වොත් ලියන්න බැරි ද?”
 
“බැරි කමක් නෙමෙයි බං, පට්ට කම්මැලියි, උඹ දන්නවනේ මගේ සීන්නෙක. ලියද්දි ලියනවා. රයිටර්ස් බ්ලොක් සෙට් වුණාම මාස ගණන් ඔහේ ඉන්නවා. ඔහේ ඉන්නවා කිව්වෙ නොලියා ඉන්නවා. වෙන වැඩ තියෙනවා ඉතිං.” මං කීබෝඩ්ඩෙක ඉස්සරහට තල්ලු කරලා, පුටුව පොඩ්ඩක් පස්සට අරගෙන අරූගෙ පැත්ත හැරිලා ඉඳගත්තා.
 
“දැං උඹ ඔය ලියන එක නැවැත්තුව ද? මං ආපු හින්දා ලියන එක නවත්තන්න එපා. අපරාදේ නේ. ඔහොම ලියපං. මං මෙහෙම ඉන්නම් බාධා නොකර”
 
“එහෙම සීන්නෙකක් නෑ ඉතිං. දැං ආයෙ ලියන්න බෑ. මට කොහොමත් කවුරුහරි ළඟ ඉද්දි ලියන්න බෑ. පස්සේ ඉවර කරනවා රෑ වෙලා”
 
“ඕකනෙ ඉතිං බැරි. මේ ඒක නෙමෙයි. දැං උඹ ඇයි ලව්ස්ටෝරියක් ලියන්නැත්තෙ? අර මං අහගෙන එක දවසක් අර උඹේ යාළුවත් කියනවා බොන වෙලාවක, උඹට තමයි සියවසේ ලස්සනම ආදර කතාව ලියන්න පුළුවන් කියලා.”
 
“අම්මටඋඩු, දීපංකො උත්තර. ඒක සෑහෙන බොන්නෝන ප්රශ්නයක් බං” මං ඔළුව කැසුවා.
 
“නෑ නෑ ඉතිං ජෝක් දාන්නැතුව කියපං ඇයි උඹට ලව්ස්ටෝරියක් ලියන්න බැරි?”
 
“ඒකට හේතු ගොඩක් ඇති බං. මං ආස ෆැන්ටසි වලට. මට රියලිටිය පේන්න බෑ. පුළුවන් වුණානම් මං මගේ ඔළුව ඇතුළේ තියෙන ලෝකෙ එළියට දානවා. දැනටත් පොඩ්ඩ පොඩ්ඩ කරන්නේ ඒකම තමයි. හැබැයි ටිකයි. මේ ඔක්කොම එළියට දාන්න බෑ. ක්ලටර්ඩ් වැඩියි බං.”
 
“පොඩ්ඩක් හෝව්, උඹ කිව්වේ ෆැන්ටසි වලට උඹ ආසයි කියලනේ. යකෝ ෆැන්ටසි වලට ආස නං ඇයි බැරි ලව් ස්ටෝරියක් ලියන්න?”
 
“මේක මේ උඹට උත්තරයක් දෙන්න ඕනාවට කියන එකක් නෙමෙයි. මගේ ලව් පිළිබඳ ෆැන්ටසිය වැඩ කරන්නේ වෙන තැනක.” මගේ ඔළුව වේගයෙන් වැඩ කරන්න ගත්තා. හාට්බීට් එක මට තේරෙනවා ස්පීඩප් වෙනවා.
 
හැමදාම ඔහොමමයි. ලව් ගැන කතා කරන හැමවෙලාවෙම මං මාව ඩිෆෙන්ඩ් කරනවා. ඩිෆෙන්ඩ් කරනවමත් නෙමෙයි. සමහරවෙලාවට ඇත්ත කියන්න මං බයයි. උංට ඇත්ත කිව්වොත් උං හිතන්නෙ මට පිස්සු කියලා. එක්කො මට පිස්සු තමයි. අයි මයිට් නීඩ් හෙල්ප්.
 
බට් දෙන් අගේන්, මට තේරෙනවනං මට එහෙම ප්රශ්නයක් තියෙනවා කියලා, ඇයි මං උදව් ඉල්ලන්නෙ. මටම තනියෙන් විසඳගන්න පුළුවන්නෙ. අනිත් එක මං ආස මේ විදිහට නම් ඇයි මං ලෝකෙට ඕන විදිහට අනුගත වෙන්නේ. රියලිටිය හුකහං.
 
ඔය ටික හිතන්න ගියේ තත්පරේකිං දාහෙං එකක් වගේ ගාණක්.
 
“ඒ කිව්වේ?”
 
“ඒ කිව්වේ බං, මං කැමතියි ඒ ලව් ස්ටෝරිය ඇත්තටම මගේ ජීවිතේ නං. ඒ නිසා මට ඒක ලියන්න බෑ.” මං.
 
“ඇත්ත කියපං, උඹට ලව් ස්ටෝරියක් ලියන්න බැරි උඹට එක්ස්පීරියන්ස් නැති නිසා නේ. අරුං උඹට කී පාරක් කියනවද කෙල්ලෙක් සෙට් කරගනිං, අඩුම තරමේ පොඩි කොෆී එකකට හරි පලයං කියලා. ඇයි උඹ එහෙම නොකරන්නේ?”
 
මං සාවධානව අහගෙන හිටියට මට ඕනෙ දැං මාතෘකාව මාරු කරන්න. මං කොච්චර පඩෂෝ දාන්න ආස වුණත් ඕනාවට වඩා මේ තෝට් ප්රෝසස් එක ගැන කියලා මට ඒක බාල කරගන්න කිසිම වුවමනාවක් තිබ්බේ නෑ.
 
“ඕක අතෑරලා දාපං බං. දැං උඹ දන්නවනේ මං අරුංට දෙන උත්තර. ඔය ටික හැමදාම අහලා තියෙන තොට ආයෙ ඒ ටික අහගන්න ඕන ද?”
 
“නෑ නෑ බොක්කෙං අහන්නේ හුත්තො. තෝත් එක්කම හිටියට තොගෙ සීන් එක මටවත් තේරෙන්නෑ” ඌ.
 
“මට කියන්න තේරෙන්නෑ බං. මං මිනිස්සුන්ට හර්ට් කරන්න බයයි.”
 
“ඒ කිව්වේ? කියපං, මම නේ”
 
“හිටපං” මං නැගිටලා අල්මාරිය උඩ තිබ්බ සිගරට් පෙට්ටි ඇදලා බැලුවා. එකකවත් සිගරට් එකක් නෑ. සිගරට් එකක් නං දැන් ඕනමයි. ඒ කියලා මූව කඩේ යවන්නයැ. මංම යන්න එපැයි.
 
“වරෙං කඩේට ගිහින් සිගරට්ටෙකක් අරං එමු.” මං අල්මාරිය ඇද්දා. ලාච්චුවෙ තිබ්බ වොලට් එකේ තිබ්බේ රුපියල් සීයයි. අර පොඩි කැටේ වගේ උලව්වෙත් මාරු කාසි ඉවරයි. සීයෙං එක සිගරට් එකක් අරං පාඩුයි. ගන්නවනං දෙකක්ම ගන්න ඕන. ඔන්නොහෙ පස්සෙ දහයක් දෙන්නං කියනවා.
 
මං කඩේ ගියා. අරූ මාත් එක්ක ආවට කතා කළේ නෑ.
 
කඩේ තියෙන්නෙ ගෙදරට මීටර් ගාණක් ඈතින්. අඩි මං ගණන් කරලා නෑ. පාර දිගට කුණු. ලොරියට දෙන්න දොරකඩ තිබ්බ එව්වා බලු ගැන්සිය ඇදලා දාලා.
 
“අංකාආආල්” කඩේ අංකල්කාරයා ඇතුළේ ඉන්නේ. කඩේ තියෙන්නෙ පොරගේ ගෙදරම කෑල්ලක. පාරෙ සද්ද කරගෙන ලොරියක් ගියා. සාමාන්යයෙන් අංකල් ඇතුළේ ඉඳං කවුරුහරි කතා කරනවා ඇහුණොත් ආ! කියනවා. ලොරිය හිංදා මට ඇහුන්නැද්ද මංදා.
 
“අංකාආආආආල්!”
 
“ආ ආ!” අංකල් ඉන්නවා. මට ඇහිලා නෑ තමයි.
 
අංකල් වෙනුවට ආන්ටි ආවෙ.
 
“මට ගෝල්ඩ්ලීෆ් දෙකක් දෙන්න ආන්ටි.” ආන්ටි එන ගමන් කවුන්ටරෙන් එකක් අරං ආවා. මං සීය දුන්නා.
 
“දෙකක් ආන්ටි. මං දහයක් පස්සෙ දෙන්නං.”
 
ආන්ටි දුන්න අනිත් එකත් එක්ක එකතු කරලා ගෝල්ඩ්ලීෆ් දෙකත් අරගෙන මං ගෙදර ආවා.
 
එක ගෝල්ඩ්ලීෆ් එකක් ඉවරයි. අනිකත් දැං පත්තු කරන්න වෙනවා කට ඇරගෙන බලං ඉන්න අනිත් එකාට මේ චේන් එක එක්ස්ප්ලේන් කරන්න නං. අම්මා යද්දි බත් එක බෙදලා ගියේ. දැං වෙලාව හතරයි. පාන්දර ඊයේ රෑ කෑම එක කෑව ගමං තාම මොකුත් බඩට වැටිලා නෑ වතුර ඇරෙන්න.
 
මදුරුවොත් එකා දෙන්නා කාමරේට රිංගනවා. එක්කො අනිත් සිගරට් එකත් පත්තු කරලා මූට මේ කතාව කියලම ඉවරකරනවා. ඊට පස්සෙ කමු.
 
“පොඩ්ඩක් හිටපං” මං අරූට කිව්වා. ඌ තාම කට අයාගෙන බලං ඉන්නවා. හරියටම ටයිම් එක කවුරුහරි ෆ්රීස් කරලා වගේ.
 
මං කන්ට්රෝල් එස් එබුවා. මේ ටික ගියොත් අපරාදේ.
 
ඉතුරු වෙලා තිබ්බ ගෝල්ඩ්ලීෆ් එක කටේ තියාගත්තු මං, අරූ දිහා බලාගෙනම සීන්නෙකේ ඒක පත්තු කළා. දුම් වලාවකින් ඌව පොඩ්ඩක් අඳුරු වෙලා ගියා. මං හොඳට පෆ් එකක් ඇදලා අතෑරියා. දැං කියන්න බැරියැ කතාවම.
 
“මෙහෙමයි බං. මේක කියන්න හරියටම තේරෙන්නෑ. මං ඊයේ පෙරේදා ලයින් එකකට පස්සේ එකෙක්ට මේ කතාව කිව්වා. මං හිතන්නේ ඌට ඒක තේරුණා. උඹටත් තේරුණොත් හොඳයි. නැත්තං ඒක අතෑරලා දාපං.” මං කිව්වා.
 
“මේ මේ, ඔය හුත්තෙ විච්චූරණ තමයි මට පේන්න බැරි. සීන්නෙක කියහංකො රෙද්ද!”
 
“මෙහෙමයි. මං උදාහරණයක් එක්කම කියන්නම්. මං ආස එක කෙල්ලෙක් ඉන්නවා.” මූ දැං මං දිහා කන්න වගේ බලං ඉන්නවා. පටං ගත්තු හුත්ත ඉවරකරන්නත් එපැයි දැං. ඔන්නොහේ කියලා දානවා.
 
“ඒකි පට්ට ලස්සනයි බං. මං ආසයි. එහෙම ආසයි කියලා ක්රෂ් වෙච්ච විශේෂම කෙල්ලෙක්. උඹ දන්නවනේ මං එහෙම ලේසියෙන් ක්රෂ් වෙන්නෑ කියලා.” අරූ මොනාද කියන්න කට උල් කරනවා. මං ඌට චාන්ස් එකක් දුන්නෑ. සිගරට් එක ඉවරවෙන්න කලින් කතාව ඉවරකරන්න ඕන.
 
“ඉතිං බං, ඒකිව මං සෑහෙන ළඟින් අත්වින්ඳා. දුරින් වුණත් ළඟින් වගේ. උඹට මං කියන එක තේරෙනවනේ. මට පුළුවන් ඕනම එකෙක්ව බලලා ඌව බ්රීෆ්ලි ස්ටඩි කරලා, ඌ ෂෙයා කමෙන්ට් කරන දේවලින් ඒ පුද්ගලයා ගැන ජජ්මන්ට් එකක් ගන්න. ඒක සීයට සීයක් හරි නොවුණට, අඩුම සීයට අසූ පහක් වත් හරි. ඉතිං මං ඔය වැඩේ ඒකිටත් කළා. මට දැං පේනවා ඒකි ෂෙයා කරන දේවල්. කමෙන්ට් කරන හැටි. එයා ළමයින්ට හෙණ ආසයි. මනුස්සයෙක් විදිහට උපරිම සංවේදියි. මට කරන්න බැරි, මං ආසම ඒත් ආස නැති දේවල් කරන කෙල්ලෙක්. ඒත් එයා ළමයින්ට හෙණ ආසයි. උඹ දන්නවා මං ළමයි සීන්නෙකේ නෑ. මගේ ජාන මෙතනින් එහාට කන්ටිනියු වෙනවට මං ආස නෑ. ඒ එක්කම මේ හුත්තෙ ලෝකෙට ළමයෙක් උපද්දවන්න මං කොහෙත්ම ආස නෑ.”
 
සිගරට්ටෙක ඉවර වුණා. මං නැගිටලා මදුරුවන්ට තවදුරටත් ඇතුළට ඇවිත් මගේ රීරි මාංස උරා බොන්න බැරි වෙන්න දොර වහලා කාමරේ කළුවර කරගත්තා. මං හිතං හිටියේ සිගරට්ටෙක ඉවරවෙද්දි කතාව ඉවර කරන්න. ඒත් ඒක හරිගියෙ නෑ. බැඳගත්ත බෙරේ ගහන්න ඕන. අරූ කිංඩි හිනාවක් එක්ක මං දිහා බලං ඉන්නවා. මට පුක ද. ඉතුරු ටිකත් කියනවා.
 
“ඉතිං ඔය සීන්නෙකත් එක්ක මං සෑහෙන හිතනවා කියලා උඹට අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මගේ චේන්නෙක තියෙන්නෙ එතන. එයාව හම්බවෙන්න ආසයි. ආදරේ කරන්න ආසයි. ඒත් කවදාහරි එයාගෙ කැමැත්තක් මං නිසා නැතිවෙනවට මං ආස නෑ. එයා නිසා මං කැමති දේ නොකර ඉන්න මං ආස නෑ. ඒක ආත්මාර්ථකාමී වගේම පරාර්ථකාමී තැනක්. ඔය ගැන හෙණ දුර විනාඩි ගාණකින් හිතලා මං මුල අඩියවත් තියන්න යන්නේ නෑ.” අරූ ආයේ මගේ තෝට් ප්රෝසස් එකට බාධා කරන්න හදනවා දැක්ක මං ඌව අතින් නැවැත්තුවා.
 
“හිටපං ඉවර කරනකම්. උඹ ඔය කියන්න යන දේත් මං දන්නවා. හදිසියේ වත් එයා මට තියෙන ආදරයක් නිසා ළමයෙක් ඕන්නෑ කියන්න ඉඩත් තියෙනවා. මට ආදරේ නොවෙන්නත් පුළුවන්. ඒ එකක්වත් මං මුල අඩිය තියනකම් වෙන්න නියමිත දේවල් නෙමෙයි කියලා මං දන්නවා. මට තේරෙනවා. ඒත් ඒකම තමයි පොයින්ට් එක. ඒ මුල අඩිය තියලා ෆැන්ටසියයි රියලිටියයි මාවයි එයාවයි ඔක්කොම නැති කරගන්න මට ඕන නෑ. මට මේ ඉන්න විදිහ හොඳයි.” මං දිග හුස්මක් අතෑරියා.
 
අරූ තාම කිංඩි හිනාවක් එක්ක මං දිහා බලං ඉන්නවා.
 
“ඔය වගේ දිගට හිතන නිසා තමයි තාම මට කෙල්ලෙක් නැත්තෙ. ආයෙ අහන්න එපා. අර එදා යාළුවෙක් කියපු කතාව උඹට මතකයි නෙ. මට හරියන්නෙ මාව කරකවලා අතාරින්න පුළුවන් ටොනේඩෝ එකක් වගේ කෙල්ලෙක්. ඒක හරියි කියලා මටත් හිතෙනවා.”
 
මං පුටුව ඉස්සරහට ඇදලා කීබෝඩ් එක ළඟට අරගත්තා.
 
“දාවිත් මං ගැන උඹට මොනාද කියලා තියෙන්නේ?” මං කිංඩි හිනාවක් එක්ක හූනගෙන් ඇහුවා.
 
හූනා හෙණ සද්දෙට “චික් චික්” ගාලා කෑ ගහලා ඉස්සරහ හිටපු මැස්සෙක්ට දිවදාලා ඌව මරං කාලා පරණ වහලේ, දිරච්ච පරාලේ යට පැත්තෙන්ම බඩගාගෙන කාමරෙන් එළියට ගියා.
 
වෙලාව පහට කාලයි. ආයේ වැස්සොත් හොඳයි. මං යනවා දැන්වත් දවල් කෑම එක කන්න.
 
– 2018. 10. 23 –
 
© 2018 Pamuditha Zen Anjana

ආකූල

ඔබ
ආයෙම ඇවිත්
දෑස් අස්සට එබී
බලෙන්ම වගේ
හීන එක්ක සෙල්ලමේ

නිදි නැති නිදි
සිත පියමං තැබු කල
මා කී දේ නොඅසාම
ළඟින්ම දැවටී
ඔබ

පීරා අහස් හිසකේ
දෑඟිලි තැවරේ
තරු දෙනෙත් සයුරට
වියතක් දුරින්
වත මත
ඔබ

දුරින් ද
විටෙක
නුදුරින් දුටු
තරු එකිනෙක
යා වේ
රටා ඇඳේ

ඇස් අද්දරම හුන්
සිනහ සක්මන
ලිය සැණෙළිය

ඔබ

දිය වී මැකී
හිමරොදක නැගී
ඈතකට ගියේ ද?

මා අතරමග
අතරමංව
මතක වනමග
මිරිඟු සක්වළක
කතර මැද

වියළෙයි
වියැකෙයි
ළතැවෙයි

නැවත

කෝ
ඔබ

© 2018 Pamuditha Zen Anjana

දුකට හේතුවක් නං

සොඳුරුතර බේබදු රෑ කෙළවරෙක
ඔන්නොහේ හිත් ඉහත්තාවේ
හීන සිත්තම් සළරූ
දිගහැරුණා
දිගඇදුණා

හුදෙකලා යහන මා වැළඳගත්තා
අහස් මාළිගා දොරගුලු හොරෙංම ඇරුණා

ලොවක් මැවී මැකෙන්නට පෙරාතුව
මොහොතකවත්ඉසුඹුවක්නැතුවමපොළොවසිඹින
අසනි වැස්සට
සිනහමුසු දෙලවන් දී
නින්නාද දෙන හද හඬට අවනතව
අනුගතව
අඩි තිබ්බා මේ මං

ඈ වෙතම
දෑස් අලවා
තබා

මන්දස්මිතයක්;

එකම එක කිස් එකක්
හෙණ දිගට කිස් එකක්
ලවන් පැටළිලා වැස්සත් එක්කම
අපූරු චෙරි රහක්
හුස්මක් නෑ ඉස්පාසුවක්

තවත් මන්දස්මිතයක්;

සීතලක් රෝමෝද්ගමනයක්
විශ්වයට ඇහෙන දැනෙන දිදුලන විදුලියක්

සුන්දරයි
හරිම ලස්සනයි
වචනවලටනෑඉඩක්

කළු බරයි ඈත අහස
හතරවටිං මහ වැවක්
හිටියේ අපි කෝච්චියේ
වතුර මැදිං ඇදෙන

අහස සූරන ගංවතුරට සූදානම් නෝවා මං

ඈ අතිං අල්ලගෙනම
රළ නගින විසල් ජල කඳට ඔච්චං කළා
කෝච්චියේ වැඩිය නොහිස්
මිනිස් හිස් දහයක් ඇති විතර
මැදුරක මැද්දෑවේ

ඈ මා සමග තවත් උං
අත් දම්වැලක්
ඇඟිලි පැටළිල්ලක්
කලබල නැති කලබලයක්

එළියෙ සුනාමියක්
අඩි ලක්ෂයක් උසට ඇදෙන
ජල කන්දක්

ඈතින්
එකා මත එකා නළියන
තැන තැන පොරකන
පාවෙන
ප්‍රාසාදමහමැදුරුගොඩනැගිලි
නානාවිධසුන්බුන්
කිරිපාටපෙණබුබුළු

ඇතුළට වතුර ආවෙ නෑ බිංදුවක්

ක්ෂණයකින් ට්‍රිලියනකින් එකේ ඇවෑම;

සමාරහිත පියවිය
කඩා වැදුණා දෑස් තුළට
දහවල් හිරු කිරණක් ව

ඈ නෑ!

නැවතත් හුදෙකලාව
කොට්ට මෙට්ට ඇඳැතිරිලි
බේබදු රෑ පහන් වෙලා

දුකට හේතුවක් නං

දිනක් නිවෙන තෙක්ම ඇදුණු
මගේ වුණාට මගේම නොවෙන
මතක ගොනුවකින් පිරුණු
දිගම දිග හැන්ගෝවර් එකක්

එක්ක එක හීනයක්.

© 2018 Pamuditha Zen Anjana

හිරි වැටිලා මචං

ධර්මේ
මෙහෙ වරෙං
කෙළිමු
කාසිම් ලට

එතකොට
රාජසුන්දරම් ලා?

ආ උන්ට කෙළියනේ
ඒ දවස් වලම

අපිනේ මහ උං
ඔක්කොම ඉන්නෝන
අපිට ඕන විදිහට
අපි කියන විදිහට

අරුන් රෙන නිසා
අපිත් රෙමු
උඹේ ඇඟෙත් ගූ
මගේ ඇඟෙත් ගූ

ඕයි ධර්මේ
කිව්වාම අහලා
මෙහෙ වරෙල්ලා
අපි ඔක්කොම එකතු වෙලා
මේ ලංකාව
නරාවළක් කරමු මීට වැඩිය..

(මචං සේකර, උඹ මෙහාට හරියන්නෑ බං.)

~ පමුදිත සෙzන් අංජන

තාම එහෙම කෙනෙක් නෑ – 2 (එක්ස්පෙරිමන්ට්ස් විත් මුවිඳු)

Image

මුල කොටස වින්ඳේ නැති අය ලින්ක් එකෙං ගිහිං ඒක විඳලා එන්න. | Follow the following link to the first part.

>> https://wp.me/p1lNup-82

Bo දෙවනි එකත් ඇඳලා එව්වා. මේකේ තව එක කොටසක් තියෙනවා. තව ටික කාලෙකින් ඒකත් දාන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

වචන – පමුදිත
චිත්‍ර/අකුරු – මුවිඳු

Bo decided to give visuals to one of my Sinhala poems. This is part two of a three part series. Keep your eyes peeled for the next and the final part in the future. Enjoy!

Words – Pamuditha
Art/Font – Muvindu

89101112

© 2018 Muvindu Binoy​ x Pamuditha Zen Anjana​

#muvindubinoy #bosedkid #pamudithazenanjana #thamaehemakenekna #visualpoetry #comic #lka

ළඟ තියාගන්න PDF එකක් ඕන නම්, පහළ ලින්ක් එකට ගිහිං ගන්න . 🙂

https://tinyurl.com/y7ykj4lf