මා පිළිබඳව මා විසින්…

මම රූපාන්තරණයක් මධ්‍යයේ වල් වැදී සිටිමි. කිසිදු සබුද්ධික ශුද්ධාත්මයකට මා වටා සුදිළෙන වර්ණාවලිය නොපෙනෙන අතර මා අභ්‍යන්තරයේ සැඟවුණු ශක්තීන් සමුදාය නොවැටහේ. අනාගතය පිළිබඳව අච්‍යුත වූ අතීරණයකින් පෙළෙන මා අධි-අසාමාන්‍ය හුදෙකලාව ප්‍රිය කරන්නෙක්මි. සහේතුක යතාර්ථය පෑළ දොරින් එළවා දමා අහේතුක සිහින දාමයට ඉදිරි දොර විවර කරන්නට අධිසාමාන්‍ය සම්මතය විසින් මා පෙළඹවී ඇති බැව් මට වැටහේ. සංස්කෘතික වූත්, සාපේක්ෂ සදාචාරය නිසාම සමාජානුරූපී වූත්, සම්මත සදාචාරය මම පිළිකුල් කරමි.

එම නිසාම සමාජානුගත වූ අසභ්‍යත්වයට මම ආදරය කරමි. සමාජය හා ගැටී ශුද්ධ වීම නිසරු දෙයකැයි මා විසින් බැහැර කෙරෙන බැව් දත් පින්සාර ආත්මයෝ මා උම්මත්තකයෙකැයි හංවඩු ගසති. සමාජයට සාපේක්ෂව මා සංශුද්ධ බව දන්නා සාපේක්ෂ පව්කාරයෝ හෙවත් අසම්මතයේ රුසිහු මා වැළඳ ගනිති. තව තවත් සාපේක්ෂ පව් කෙරුමට මා දිරිමත් කරති.

පව් පින් හා සාපේක්ෂතාවාදය තුළ තුලනය වන මා සමාජ සම්මත යථාර්ථයට පයින් ගසා අසම්මත සිහින වැළඳ ගනිමි. මා තුළම ජීවත් වන්නා වූ සමාජ අගසැරි වීරයා මරා, වැසිකිළි වළෙක සඟවා, අතීන්ද්‍රීය දුෂ්ඨයා සුවඳ දුමින් පුදන්නට මා පොළඹවනුයේ පශ්චාත් නූතනවාදී රැඩිකල් චින්තනය නොව, ලොව ශ්‍රේෂ්ඨතමයන් සමතික්‍රමණය කරන්නට මා දිරිගන්නාවූ කෞශල්‍යයයි. ජන්මගත හැකියාව මෙන්ම, පුහුණුව නිසා කුළු ගැන්වෙන්නාවූ නිර්මාණාත්මකතාවද අගයන අතරම අවසානයට, මා විසින් මම නූතන සමාජානුගත මනුෂ්‍යයන්ගේ ගැලවුම්කරු ලෙස නම් කරනු ලැබීමෙන් අතිශය ජන ප්‍රසිද්ධියක් ලැබීමෙන් අභව්‍ය යථාර්තයක පුරෝගාමියෙකු ලෙස ඉතිහාස ගත වනු කැමැත්තෙමි.

One thought on “මා පිළිබඳව මා විසින්…

  1. ~මාතෘකාවෙන් හාත්පසින්ම පිට~
    මෙම බ්ලොග් අඩවිය මූලිකව සිංහල බසින් පළවන බැවින් මෙහි භාෂාව සිංහල බවට වෙනස් කළහොත් ඔබේ අභව්‍ය යථාර්තයක් පිළිබඳ වන මතය පහසුවෙන් සමාජානුගමනය කළ හැකි බව මගේ අදහසයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s