විනාඩියක්

නෙතක
නොඇඳුනු,
නොරැඳුනු,
රුවක් සේම…

සිත මෙන්ම
පෑන් තුඩද
සසල ය,

දුර නොම යා දෙන
මතක ඇවිදුමෙක
දිග හැරුණු
රූ පෙළක
නිසල රාමුවකට ද

මිහිදුමක් සේ දැවටුණු
හදේ නදට
මුසුවන්නට නොම දුන්
හඬෙක
දෝංකාරයකට ද

මනස්ගාත
දුන් පිළිවදන්
අපභ්‍රංශ ම
වී ය…

© 2011 Pamuditha Zen Anjana