වැටෙන්නට පෙර

අහස ඇහැරෙන ඉසව්ව්ක
අවකාශයන් තනි තනිව
හඬා වැටෙයි
උනුන් පරයමින්
නොදුටු විලසින් පියාසරයි

ඒ මේ අතින්
විදුලි එළි සිසාරා ගොසින්
රතු පැහැයෙන් දිළෙයි
අරුමැසි සමයන් සියයක් සොයා
කථා දිග හැරෙයි…

තනිවූ එක් වැහි ළිහිණියෙක්
වැස්සේ රස්තියාදු ගසයි
කණාටු පොල් ගසක් මත හිඳ
හෙණ ගසන්නේදැයි
විපරම් කරයි

දෑසින්ම වතුර වැටෙත් දී
මුවගින් සිනහසෙයි
හිතට හොරා ඉකි බිඳියි
මුහුණ රිදෙනා තෙක්
සිනහ ඉරි අඳියි…

© 2012 Pamuditha Zen Anjana