ආදම්, ඒවා ට ආදරෙයි

දිනෙක පැහැසර හැන්දෑවේ
ඔබ ද මම ද සීත සුළං රැළි ද
හිස හැරුණු අත පියඹා
නව ලොවක් සොයා ඇදුණෙමු

සෙවූ නව ලොව වෙනුවට
මෙලොව තිබූ ක්ෂේම භූමියක
මිණිය නොහැකි සුන්දරත්වය මැද
අපි දු සුළඟ මෙන්ම අතරමං වූයෙමු

දසත හරිත වන රේඛාව ය
වාතය කුරුළු ගුමු ගුමුවෙන් නින්නාද වී ය
නුදුරින් ලතාවකට ඇද වැටෙන දිය ඇල්ලකි
ඉන් ඇරඹ භූමිය වටා දිවෙන සුළලිත ගංගාවකි

වශීකෘතවූ අපි උමතුවූවන් මෙන් සතුටට පත් ව
අතිනත් පටළවාගෙන පරිසරය වැළඳගතිමු
සිහිනයෙන් මෙන් මුසපත් ව නැවත නැවතත්
සොඳුරු බව හා සමඟ රමණය කළෙමු

නැවතී තිබූ ලොව නැවත ඇරඹුණි
පරිසරය මියැදුණි, ජීවියා ඇරඹුණි
අහස සිසාරා මහ මන්දිර ද යාන වාහන ද
කළු දුම් ගුලි ද හැඟීම් ද පැතිරුණි

නැවත ඔබ ද මම ද…

© 2013 Pamuditha Zen Anjana

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s