එහෙමයි වුණේ

මං එක පාරටම හිතුවා ලව් කරන්න
නෑ
 
එක පාරටම
මට හිතුණා ලව් කරන්න
නෑ
 
මට හිතුණා ලව් කරන්න
වෙලාව හරි කියලා
එක පාරටම
ඔව්
එහෙමයි වුණේ
 
කුරුබිලියක් අස්සට වෙලා
ආදරයක් අතින් ගුලි කරං
හිටපු අනන්ත කාලය ඇති වගේ

හිතේ හිර වෙච්ච
හැඟුම් කදමල්ල
ලෙහලා බලන්න කාලය හරි වගේ

කියලා
මට හිතුණා
එක පාරටම
ඔව්
එහෙමයි වුණේ
 
කවි ලියන්න
මල් නෙළන්න
බුදු පුදට ගෙනියන්න
 
සොරි
මං දැං බුදු පුදන්නේ නෑ
 
මල් නෙළන්න
ඒ කිව්වේ ෆෝන් එකෙන් මල් කඩන්න
මුදු තෙපුල්
ඇගෙ මුවින්
මගෙ කණට කොඳුරනවා
අහන්න
ඔව්
එහෙමයි වුණේ
නෑ
 
එහෙමයි ඕන වුණේ
 
බලාපොරොත්තු ගොඩයි
දේවාලේ ළඟයි
වඳින්න ගියොත්
කඩං වැටෙයි ද බයයි

ඉතිං මං වෙන අතක් බලාගත්තා

නෑ
ට්‍රයි කරා
නෑ
ඔව්
පොඩ්ඩක්
ඒ හොඳටෝම මදි
 
ඈ කැමති නැත්තං කතා කරන්න
මොකටද ඉතිං වදයක් වෙලා
මොකටද ඉතිං කවි ලියලා
කියලා හොඳට නිදි
ඔව්

එහෙමයි වුණේ!

© 2017 Pamuditha Zen Anjana