“රැඩිකල් කවිය”

ඕයි නිදි ද?

නැගිටපන්..
එක්කෝ එපා, නිදා ගනින්
දිගටම.. දිගින් දිගටම
දිගට හරහට
ඇඳක පුටුවක
බිම වුණත් කමක් නෑ
නිදාගනින්..
කණේ ඇබ ගහගෙන!

ඇහැ කණ ඇරියහම
අහුවෙනවා උගුලකට

නෑ..

අහුවෙනවා “දී” උගුලට
ස්නැප්.. දැට් ට්‍රැප්..
වෝහ් සන් ලුක් ඇට් දැට් ඈස්!
උගුලක බූරුවෙක් හිරවෙලා..
වොට් තිස්තුන්දාහට කරවෙලා..
බූරු මස් රහ ඇති
නෑ.. බූරු මස් ගොම රහයි
ඇයි බූරුවෝ කන්නේ ගොම ද?
ඇයි දන්නැද් ද?
දැන් බූරුවෝ කන්නේ හරක් මස්..!

හිතුවා නේද බූරුවෝ වෙජිටේරියන් කියලා?

බූරුවෝ පැවත එන්නේ මකරුන්ගෙන්
උන් තමයි බාබකිව් කන්සෙප්ට් එක මුලින්ම ඉන්වෙන්ට් කළේ..!

මඟුලක් කතා කරනවා..
පේනවනේ කියන කුණුහරුප!
විශ්ව විද්‍යාල යන්න ලකුණු මදි වුණා නේද?
ඉගෙන ගත්තේ ප්‍රයිවට් නේ ද?
අඩුම තරමේ ඇට පාස් ද?

පුද්ගලික අධ්‍යාපනයට තිත තියනු!
බෑ
තිත තියනු!
බෑ
තියපන් ඩෝ!

ඩිස්කියෑවුන්හ්!
යොවූහ් යොවූහ්!

.
ඔන්න තිබ්බා දැන් මොකෝ?!

රජයෙන් නිකන් දෙන්න ඕන එව්වා මේවා!
ඔක්කෝම නිකන් දෙන්න ඕන
කෑම බීම ගෙවල් දොරවල්
ඉඳුම් හිටුම් ඔප්පු තිරප්පු
රැකි රස්සා මිළ මුදල්
හරකා බාන යාන වාහන
තාර පාර
පාට පාට කඩ
තාඩන පීඩන
ලාභ අලාභ නින්දා ප්‍රශංසා යස අයස සැප දුක
තෙකලා විදුලිය නළ ජලය
රෙන පුකට කැටයම්
ජිංජි බරස් බරස් බරස්
සකල බුජං කොට කලිසම්.. (දිග හුස්මක් ඉහළට අදියි)
ඔයි ඔක්කෝම නිකන් දියව්!

හා හිඟාකාපියව්!
එතකොට දෙඤ්ඤං..
ඔක්කේ තියලා කිරිත් පොවඤ්ඤං!
බඩ පිරුණම ගුඩුස් අරිඤ්ඤං!
උකුළේ දාලා නලවඤ්ඤං!

හරක් රැළක් ගියා වරක්
කළු ඇඳගෙන
පෙරහරේ..!

උන්ට ලැබුණා
ලොකු බක්කක්
ඔව්.

© 2016 Pamuditha Zen Anjana

Advertisements