හෙට

නිදහස,
හෙට උදේම
පායනවා ලු!

තාම නං
කළුවරයි..

කැණහිල්ලු
හූ මොර දෙනවා.

දැන් දැන්,
විදුලි එළි
දැල්වෙනවා.

පායන
එකට
උදව් වෙනව ලු!

පායනකං
කළුවරේ
ඉන්ඩ පුළුවනෑ?

ගං කුකුල්ලුත්
ඕං
සීරුවෙං ලු!

පායන
එකට
උදව් වෙනව ලු!

කොක් හඬලයි ද
ආයිබෝං?

© 2009 Pamuditha Zen Anjana